රට සිහින පෙන්වා මුදල් වංචා කළ 5ක් අත්අඩංගුවට.
ව්‍යාජ ලේඛන සකස් කරමින් විදේශ රැකියා වංචා සිදුකළ සැකකරුවන් 5 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
බොරලැස්ගමුව, මහරගම, නිට්ටඹුව සහ වත්තල යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
එම වැටලීම්වලදී ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදීමට යොදාගන්නා ගිවිසුම් 10ක්, අයදුම්කරුවන්ගේ පෝරම 27ක්, අදාළ ලේඛන සකස් කළ පරිගණකයක්, රජයේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ, ආයතන කිහිපයකට අයත් විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ව්‍යාජ ලෙස සකස් කරන ලද නිල මුද්‍රා විශාල ප්‍රමාණයක්ද එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා .
මීට අමතරව වංචනික ලෙස සකස් කරන ලද අධ්‍යාපන සහතික සහ පාසැල් හැර යාමේ සහතික ද ඒ අතර වන බව සඳහන්.





