ක්‍රීඩා පුවත් දේශීය පුවත්

වසර 14කට පසු ශ්‍රී ලංකාව ලැබූ ඓතිහාසික තරගාවලි ජය.

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැති තීරණාත්මක අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 14ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති තරග 3කින් යුත් තරගාවලිය 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

දඹුල්ලේ පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය ආරම්භ වූයේ රාත්‍රී 9.20ටය. ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 12කට සීමා කරමින් තරගය පැවැත්විණි. තරගාවලි පරාජයෙන් බේරීමට මෙම තරගයේ ජය ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ ආරම්භයේ සිටම වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වූහ. ඒ අනුව පන්දුවාර 12 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස්කිරීමට ඔවුන් සමත් විය.

ලකුණු 161ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 12 තුළදී කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146ක් පමණි. පාකිස්තාන ඉනිමට ප්‍රවේගකාරී ආරම්භයක් ලබාදුන් නායක සල්මාන් අගා පන්දු 12කින් ලකුණු 45ක් රැස්කළද, ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඉලක්කය කරා යාමට ඔවුන්ට නොහැකි විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 3කදී ලකුණු 35කට කඩුලු 4ක් දවාගනිමින් පාකිස්තාන ඉනිම මෙල්ල කිරීමට සමත් විය.

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

දේශපාලන පුවත් දේශීය පුවත්

රිසාඩ් බදියුදීන් අල්ලස් කොමිසම හමුවට.

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද දෙසැම්බර් (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ
දේශීය පුවත්

ප්‍රවීණ ගේය පද රචක, චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි.

රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට එතුමන් 71