දේශපාලන පුවත් දේශීය පුවත්

බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කිරීමට අයිතියක් නැහැ – සජිත් ප්‍රේමදාස 

  • February 21, 2026
  • 0 Comments

කිසිවෙකුටත් බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කිරීමට අයිතියක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.  ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (21) තිස්සමහාරාම ගැමුණු පුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ යෝජිත නව සංඝාවාස ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාව සඳහා එක්වෙමිනි. මෙරට පන්සල් පද්ධතිය මේ වනවිට අවදානය නොමැතිව ගරා වැටෙන බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් […]

දේශීය පුවත්

අමෙරිකානු පැසිෆික් නාවික අණදෙන නිලධාරී හා ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති අතර හමුවක්.

  • February 21, 2026
  • 0 Comments

අමෙරිකානු පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් Stephen T. “Web” Koehler, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා හමු වී තිබේ.  එහිදී ශ්‍රී ලංකාව හා අමෙරිකා එක්සත් ජනපදය මුහුණ දෙන පොදු ආරක්‍ෂක අභියෝග, සමුද්‍රීය ආරක්‍ෂාව, හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම සහ දෙරටේ අන්තර් සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවස්ථා මෙන්ම සමුද්‍රීය විෂයපථය පිළිබඳ […]

දේශීය පුවත් විදේශීය පුවත්

ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු සහ ශ්‍රී ලංකාව.

  • February 21, 2026
  • 0 Comments

ගෝලීය වශයෙන් බලපාන තීන්දුවක් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ඊයේ (20) ප්‍රකාශයට පත් කර තිබුණි. එම තීන්දුව මගින් ගෝලීය වෙළෙඳපොළේ අවිනිශ්චිතතාව වැඩි කරමින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට සෘජු බලපෑම් ඇති කළ හැකිද යන්න පිළිබඳව ඇත්තේ සැකයකි. ඇතැම් ආර්ථික විශේෂඥයින් පවසන්නේ, එය ශ්‍රී ලංකාවට ධනාත්මක බලපෑම් ඇති කරන බවය. එමෙන්ම නව 10% ගෝලීය තීරුබද්දත් සමඟ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට සෘණාත්මක […]

දේශපාලන පුවත් දේශීය පුවත්

ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය වේගයෙන් ඉහළට! නවතම සමීක්ෂණ වාර්තාවක් නිකුත් වෙයි!

  • February 16, 2026
  • 0 Comments

වේරිටේ රිසර්ච් ආයතනය විසින් පවත්වනු ලබන “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, වත්මන් ආණ්ඩුව කෙරෙහි පවතින ජනතා අනුමැතිය 65%ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2026 පෙබරවාරි මුල් භාගයේ දත්ත අනුව මෙය වසරකට පෙර පැවති 62%ක අගයට සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතින බව එම ආයතනය පවසයි. මෙම මත විමසුමේ සිව් වසරක ඉතිහාසය තුළ […]

දේශීය පුවත්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්.

  • February 14, 2026
  • 0 Comments

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට බලපාන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (14) පෙරවරු 11.30ට නිකුත් කරන ලද මෙම පණිවිඩය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි ක්‍රියාත්මක වේ. ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව […]

දේශීය පුවත් විශේෂ පුවත්

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය පතයි.

  • February 14, 2026
  • 0 Comments

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී ඊයේ (13) සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සහ ඔවුන් පලාගිය මෝටර් රථය හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහය අපේක්ෂා කරයි. මූලික විමර්ශනවලට අනුව අනාවරණය වී ඇත්තේ අපරාධය සිදුකිරීමට පැමිණි වෙඩික්කරුවන් අකුරේගොඩ සිට හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා ගමන් කර ඇති බවයි. අපරාධය සඳහා භාවිතා කළ […]

දේශීය පුවත්

මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි.

  • February 13, 2026
  • 0 Comments

මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි .පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු, අමාත්‍ය වරයකු මෙන්ම ආණ්ඩුකාර ධුරයක් හොබවා ඇති ඒ මහතා මියයනවිට 91 වන වියෙහි පසුවිය.

දේශීය පුවත්

මෙරට ජනතාව දශක ගණනාවක් දුටු සිහිනයක් අගෝස්තුවේ ඉටු වෙයි.

  • February 13, 2026
  • 0 Comments

මහජනතාවට ගෞරවනීය සහ විශ්වාසදායක සේවාවක් ලබා දීම සඳහා සමස්ත ප්‍රවාහන ව්‍යුහයම කඩිනම් පරිවර්තනයකට ලක් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඊයේ (12) මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙරට ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ නවීන තාක්ෂණයෙන් යුත් සේවාවක් බවට පත් කළ යුතු බවයි.කොළඹ නගරයේ රථ […]

දේශපාලන පුවත් දේශීය පුවත්

හදිසි නීතියට විරුද්ධ වීමට සජබය තීරණය කරයි.

  • February 6, 2026
  • 0 Comments

හදිසි නීතිය යොදාගෙන විපක්ෂය මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන නිසා හදිසි නීතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කළ බව එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අද (06)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වී සිටින පිරිස්වලට සහන සැලසීම සඳහා සියලු දෙනාම එකඟ බවත් හදිසි නීතිය ඒ සඳහා අවශ්‍යම ද […]

දේශපාලන පුවත් දේශීය පුවත්

දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම නවත්තන්න! අගමැතිනියගෙන් දැඩි ප්‍රකාශයක්!

  • February 6, 2026
  • 0 Comments

නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට හෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය වසා දැමීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර සහ කටකතා පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ […]