මෙරට ජනතාව දශක ගණනාවක් දුටු සිහිනයක් අගෝස්තුවේ ඉටු වෙයි.
මහජනතාවට ගෞරවනීය සහ විශ්වාසදායක සේවාවක් ලබා දීම සඳහා සමස්ත ප්‍රවාහන ව්‍යුහයම කඩිනම් පරිවර්තනයකට ලක් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඊයේ (12) මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙරට ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ නවීන තාක්ෂණයෙන් යුත් සේවාවක් බවට පත් කළ යුතු බවයි.කොළඹ නගරයේ රථ වාහන තදබදයට පිළියමක් ලෙස ‘Lanka Metro Transit’ බස් සේවාව ලබන අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, එය ප්‍රධාන මාර්ග 6ක් ඔස්සේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.පවතින විසිරුණු බස් සේවාවන් වෙනුවට ‘බස් ක්ලස්ටර්’ හෙවත් සමාගම් ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, ඒ හරහා බස් හිමියන්ගේ ලාභය සහ සේවකයන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් මෙහිදී තීරණය විය.තාක්ෂණික අංශයේ පවතින අඩුපාඩු පිළිබඳවද අවධානය යොමු වූ අතර, වසර ගණනාවක් ප්‍රමාද වී තිබූ රියදුරු බලපත්‍ර ලකුණු කැපීමේ ක්‍රමය මාස 6-7ක් ඇතුළත ක්‍රියාවට නැංවීමට උපදෙස් දෙන ලදී.මීට අමතරව ත්‍රීවිල්, ටැක්සි සහ පාසල් වෑන් රථ නියාමනයටත්, ‘සිසු සැරිය’ වැඩසටහන වඩාත් ඵලදායී ලෙස පුළුල් කිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට මඟ පෙන්වීම් සිදු කළේය





