මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි.
මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි
.පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු, අමාත්‍ය වරයකු මෙන්ම ආණ්ඩුකාර ධුරයක් හොබවා ඇති ඒ මහතා මියයනවිට 91 වන වියෙහි පසුවිය.





