දේශපාලන පුවත් දේශීය පුවත්

රිසාඩ් බදියුදීන් අල්ලස් කොමිසම හමුවට.

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද දෙසැම්බර් (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.

පසුගිය රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ කුලී පදනම මත ගොඩනැගිල්ලක් මිලදී ගැනීම පිළිබඳව අල්ලස් කොමිසම විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව එම සිද්ධියට අදාළව එවක රජය සමයේදී කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

ඒ අනුව ඒ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද පෙරවරුවේ පැමිණියේය.

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

දේශීය පුවත්

ප්‍රවීණ ගේය පද රචක, චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි.

රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට එතුමන් 71
අධ්‍යාපනික පුවත් දේශීය පුවත්

2026 වසරේ පළමු පාසල් වාරය අදින් ඇරඹෙයි.

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වේ. ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික