දේශීය පුවත්

ප්‍රවීණ ගේය පද රචක, චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි.

රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට එතුමන් 71 වන වියේ පසුවූවා.

වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙකු වූ චන්ද්‍රසේන තලංගමයන් ගී පද රචකයෙකු ලෙස මෙරට සංගීත ක්ෂේත්‍රයේ වඩාත් කතාබහට ලක්විය.

තරුණ පරපුර මහත් ආදරයෙන් වැළඳගත්, අතිශය ජනප්‍රිය ගී ගොන්නක් ඔහුගේ අතින් ලියැවුණු ඒවා වෙයි.

ඒ අතර කුවේණි, දුර ආකාහේ, සංසාරයේ මා, නාඩගම් ගීය, මොන ආලවන්තකම්, රාධාවණී ඇතුළු ගීත රැසකි.

‘තලංගම චන්ද්‍රෙස්න’ නමින් 1980 වසරේදී පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු පසුව ‘චන්ද්‍රෙස්න තලංගම’ ලෙස ජනාදරයට පාත්‍ර විය.

එකල පුවත්පත් කලාවේදියෙකු ලෙස ජනාදරයට පාත්‍ර වූ ඔහු පසුකාලීනව තරුණ පරපුර අතරට යන්නේ සිය අපූර්වතම ගී පද සංකල්පනා තුළිනි.

ඔහුගේ ගීත තුළ ඇති අර්ථ රසය සහ ශබ්ද රසය විශේෂයෙන් කැපී පෙනේ. එමෙන්ම ඊට නොදෙවෙනි තමාටම ආවේණික වූ අලංකෘත භාෂාවක් ඔහු සතුවිණ.

චන්ද්‍රෙස්න තලංගමයන්ගේ ගී පද සඳහා ප්‍රස්තුත වූයේ ප්‍රේමය පමණක් ම නොවේ. ඉතිහාසය සේ ම නූතන සමාජ ප්‍රවණතාවන් ද ඔහුගේ පද මාලා අතර දක්නට ලැබිණ.

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

දේශපාලන පුවත් දේශීය පුවත්

රිසාඩ් බදියුදීන් අල්ලස් කොමිසම හමුවට.

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද දෙසැම්බර් (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ
අධ්‍යාපනික පුවත් දේශීය පුවත්

2026 වසරේ පළමු පාසල් වාරය අදින් ඇරඹෙයි.

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වේ. ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික