විදේශීය පුවත්

ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ඇතුළු ඊසානදිග ප්‍රදේශ කිහිපයක අද (05) අලුයම රික්ටර් මාපකයේ 5.1 ක ප්‍රබලතාවයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, අද අලුයම 4:17 ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි කේන්ද්‍රය ඇසෑම් ප්‍රාන්තයේ මොරිගාඕන් (Morigaon) දිස්ත්‍රික්කය ආශ්‍රිතව පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 50 ක් ගැඹුරින් පිහිටා තිබූ බවයි වාර්තා වෙන්නේ.

මධ්‍යම ඇසෑම් ප්‍රදේශයේ මොරිගාඕන් සහ ඒ අවට දිස්ත්‍රික්ක රැසකට භූ කම්පනය තදින් දැනී තිබෙනවා.

අධික ශීතල සහ මීදුම සහිත කාලගුණයක් පැවතියද, භූ කම්පනයත් සමඟ කලබලයට පත් වූ ජනතාව තම නිවෙස්වලින් පිටතට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන්දියාවේ ඊසානදිග කලාපය භූමිකම්පා බහුලව සිදුවන ඉතා සංවේදී කලාපයක් (Seismic Zone V) ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ.

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

විදේශීය පුවත්

යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්! ගුවන් තොටුපළ කිහිපයක් වසා දමයි!

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් නුවර ගුවන් තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වසා දමා තිබේ. මොස්කව්හි පිහිටි ගුවන් තොටුපළවල් හතරෙන් තුනක්
විදේශීය පුවත්

වෙනිසියුලානු ජනාධිපති මධුරෝ සහ බිරිඳ අද අධිකරණයට.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද (05) ප්‍රථම වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත