විදේශීය පුවත්

වෙනිසියුලානු ජනාධිපති මධුරෝ සහ බිරිඳ අද අධිකරණයට.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද (05) ප්‍රථම වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

අමෙරිකානු එක්සත් ජනපද හමුදා විසින් පසුගිය 03වනදා කරකාස් අගනුවර සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සිදු කිරීම, ආයුධ සහ විනාශකාරී උපකරණ ළඟ තබා ගැනීම සහ එම ආයුධ මගින් අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීම යන චෝදනා මත මධුරෝ සහ ඔහුගේ බිරිඳට අධිචෝදනා ගොනු කර තිබේ.

ඒ අනුව අදාළ නඩුව මැන්හැටන්හි පිහිටි ෆෙඩරල් අධිකරණයේදී අද දහවල් කාලයේදී ආරම්භ වීමට නියමිතය.

එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ඇල්වින් කේ. හෙලර්ස්ටයින් විසින් මෙම නඩු විභාගය මෙහෙයවනු ලබන බවද සඳහන් වේ.

කෙසේවෙතත් එරට අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කරන්නේ, මධුරෝ සහ අනෙකුත් වෙනිසියුලානු නායකයින් වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ, කොකේන් එක්සත් ජනපදයට ආනයනය කිරීමට පහසුකම් සැලසීම සඳහා ඔවුන්ගේ රජයේ තනතුරු භාවිතා කර ඇති බවටය. 

නිකොලස් මධුරෝට එරෙහිව 2020දී ද චෝදනා එල්ල වූ අතර, ඔහු එවකට එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

විදේශීය පුවත්

යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්! ගුවන් තොටුපළ කිහිපයක් වසා දමයි!

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් නුවර ගුවන් තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වසා දමා තිබේ. මොස්කව්හි පිහිටි ගුවන් තොටුපළවල් හතරෙන් තුනක්
විදේශීය පුවත්

ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ඇතුළු ඊසානදිග ප්‍රදේශ කිහිපයක අද (05) අලුයම රික්ටර් මාපකයේ 5.1 ක ප්‍රබලතාවයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා. ඉන්දීය