දේශීය පුවත්

ළිඳක් තුළට දමා සිටි කාන්තාවක් බේරා ගැනේ! ළිං පතුලෙන් මළ සිරුරකුත් හමුවෙයි!

කොක්කඩිචෝලේ, නෙල්ලිකාඩු ප්‍රදේශයේ කුඹුරු යායක පිහිටි පොදු ළිඳක් තුළ දමා සිටි කාන්තාවක අසාධ්‍ය තත්ත්වයෙන් බේරා ගැනීමට පොලිසිය සමත්ව තිබේ. එම ළිඳ තුළම තිබී තවත් කාන්තාවකගේ මළ සිරුරක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙලෙස බේරාගෙන ඇත්තේ පෙරේදා (19) දින සිය දරුවා සමඟ ගමන් කරමින් සිටියදී කොත්තියාපුලෙයි ප්‍රදේශයේදී අතුරුදහන් වූ කාන්තාවකි.

ඊයේ උදෑසන කිරි පට්ටියක් වෙත යමින් සිටි පිරිසකට ළිඳ තුළින් ඇසුණු කෑගැසීමක් හේතුවෙන් සිදුකළ පරීක්ෂාවකදී, කරවටක් ජලයේ ගිලී සිටි මෙම කාන්තාව හමුවී තිබේ. වහාම ක්‍රියාත්මක වූ කොක්කඩිචෝලේ පොලිසිය ඇය මුදාගෙන මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

තමන්ව පැහැරගෙන විත් දරුණු ලෙස පහර දී මෙම ළිඳට දැමූ බව අසාධ්‍ය තත්ත්වයේ පසුවන කාන්තාව පොලිසියට පවසා තිබේ.

ඇය ලබාදුන් තොරතුරු මත සිදුකළ සෝදිසි කිරීම්වලදී ළිඳ තුළ තිබූ අනෙක් මළ සිරුර සොයාගත් අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

දේශපාලන පුවත් දේශීය පුවත්

රිසාඩ් බදියුදීන් අල්ලස් කොමිසම හමුවට.

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද දෙසැම්බර් (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ
දේශීය පුවත්

ප්‍රවීණ ගේය පද රචක, චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි.

රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට එතුමන් 71