විදේශීය පුවත් විශේෂ පුවත්

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට TH-57 (Bell 206 Sea Ranger) හෙලිකොප්ටර් යානා 10ක ප්‍රදානයක්.

  • January 9, 2026
  • 0 Comments

ආපදා තත්ත්වයන් සඳහා අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් 10ක් ආපදා සහ හදිසි අවස්ථාවන්හිදී භාවිතා කිරීම සඳහා, අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් යානා 10ක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය, සිය ‘X’ (Twitter) ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, මෙම හෙලිකොප්ටර් TH-57 (Bell 206 Sea Ranger) වර්ගයට අයත් වන […]

දේශීය පුවත්

කුවේට් බලා පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානයක් ආපසු මෙරටට.

  • January 9, 2026
  • 0 Comments

කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන ගුවන් යානය, කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය 02යි විනාඩි 21කට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන්වා ගෙන තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන මෙම ගුවන් යානය අද (08) සවස 06.44ට කටුනායක […]

දේශීය පුවත්

ගැඹුරු පීඩන අවපාතය ගැන නවතම විස්තර.

  • January 9, 2026
  • 0 Comments

රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) අලුයම 4 පමණ වනවිට මඩකලපුව සිට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර අද සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ […]

අධ්‍යාපනික පුවත් දේශීය පුවත් විශේෂ පුවත්

BREAKING NEWS : බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල්වලට හදිසි නිවාඩුවක්.

  • January 9, 2026
  • 0 Comments

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව මෙම පියවර ගත් […]

දේශපාලන පුවත්

ආණ්ඩුව යන ගමන වැරදුනාම එකම ආසන්නයක් වත් නැතිවුනත් රට පාලනය කරන්න වෙන්නෙ UNP එකට – වජිර අබේවර්ධන.

  • January 8, 2026
  • 0 Comments

කොළඹ:වත්මන් ආණ්ඩුව රට පාලනය කරන ආකාරය සම්පූර්ණයෙන්ම වැරදි දිශාවකට යමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බවයි. රටේ ආර්ථිකය, සමාජය සහ ජන ජීවිතය ගැටලු රැසකට මුහුණ දී තිබියදී ආණ්ඩුව […]

දේශීය පුවත් විශේෂ පුවත්

BREAKING NEWS : උඩදුම්බරට භූ කම්පනයක්.

  • January 8, 2026
  • 0 Comments

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරුවේ සුළු භූ කම්පනයක් සිදුව තිබේ. එය රික්ටර් මාපකයේ ඒකක 2.2ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ එය සුළු කම්පනයක් බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවය.

දේශීය පුවත්

රියදුරන්ට අනතුරු ඇඟවීමක්!

  • January 8, 2026
  • 0 Comments

මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් මෝටර් රථවාහන පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින් හඳුනාගැනීම සඳහා වන නව වැඩපිළිවෙළ අද සිටම ක්‍රියාත්මක වන බවයි. මෙතෙක් පවතින නීතිමය හා තාක්ෂණික බාධාවන් හේතුවෙන් මත්පැන් හැර අනෙකුත් මත්ද්‍රව්‍ය […]

දේශීය පුවත් විශේෂාංග

මැණික් කර්මාන්තයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට නව උත්සාහයක්.

  • January 8, 2026
  • 0 Comments

“Gem Sri Lanka 2026” ජාත්‍යන්තර ප්‍රදර්ශනය කොළඹදී ආරම්භ වෙයි ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්‍යන්තර වෙළඳපොළට තවත් වාරයක් බලගන්වමින් “Gem Sri Lanka 2026” ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය ඊයේ (07) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී ආරම්භ විය. මෙම ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, මෙරට මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ සංගමය […]

දේශීය පුවත් විශේෂ පුවත්

පීඩන අවපාතය තවදුරටත් ලංකාව ආසන්නයට.

  • January 8, 2026
  • 0 Comments

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් දිවයින පුරා පවතින කාලගුණ තත්ත්වය තවදුරටත් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (08) පස්වරු 2 වන විට මෙම පද්ධතිය පොතුවිල් සිට කිලෝමීටර් 250ක් ගිනිකොන දෙසින් ස්ථාපිතව පැවති අතර, එය හෙට (09) රාත්‍රී කාලයේදී දිවයිනට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රධාන තොරතුරු: ධීවර සහ […]

දේශීය පුවත් විශේෂ පුවත්

ආපදා කළමනාකරණයෙන් විශේෂ දැනුම්දීමක්! හමුදා කණ්ඩායම් 80ක් සීරුවෙන්!

  • January 8, 2026
  • 0 Comments

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. මේ හේතුවෙන් ඉදිරි පැය 24 පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි. වර්ෂාපතනය පිළිබඳ පුරෝකථනය […]