ආණ්ඩුව යන ගමන වැරදුනාම එකම ආසන්නයක් වත් නැතිවුනත් රට පාලනය කරන්න වෙන්නෙ UNP එකට – වජිර අබේවර්ධන.
කොළඹ:
වත්මන් ආණ්ඩුව රට පාලනය කරන ආකාරය සම්පූර්ණයෙන්ම වැරදි දිශාවකට යමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බවයි. රටේ ආර්ථිකය, සමාජය සහ ජන ජීවිතය ගැටලු රැසකට මුහුණ දී තිබියදී ආණ්ඩුව නිසි විසඳුම් ලබාදීමට අපොහොසත් වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
වත්මන් තත්ත්වය දිගින් දිගටම පවත්නා විට ඉදිරියේදී රට පාලනය කිරීමේ වගකීම නැවත එක්සත් ජාතික පක්ෂයට ලැබෙනු ඇති බවද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
එසේම, රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය හා සාධාරණය ආරක්ෂා කරමින් ජනතාවට සහන සලසන ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගීමට UNP සූදානම් බවද ඔහු පැවසීය.
UNP, Vajira Abeywardena, Sri Lanka Politics, Latest News, Political News Sri Lanka





