දේශීය පුවත්

කුවේට් බලා පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානයක් ආපසු මෙරටට.

කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන ගුවන් යානය, කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය 02යි විනාඩි 21කට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන්වා ගෙන තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන මෙම ගුවන් යානය අද (08) සවස 06.44ට කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් තිබුණා.

එහෙත් මෙම ගුවන් යානයෙහි හයිඩ්‍රොලික් පද්ධතියෙහි හටගත් කාර්මික දෝශයක් නිසා, එහි ගුවන් නියමුවා කටුනායක ගුවන් තොටුපොළ පාළක මෙහෙයුම් මැදිරිය මේ පිළිබද දැනුවත් කිරීමෙන් පසුව ගුවන් යානය ආපසු හරවා ගෙන පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ ගුවන් නියමුවා රාත්‍රී 09.05ට තම ගුවන් යානය නිරුපද්‍රිතව, ආරක්ෂාකාරීව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පියවර ගෙන තිබුණා.

මෙම ගුවන් යානයෙහි ගුවන් මගීන් 179 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිට ඇති බවද සඳහන් වනවා.

කෙසේවෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසුවේ මෙම ගුවන් යානයෙහි වූ ගුවන් මගීන් වෙනත් විකල්ප ගුවන් යානා මගින් කුවේට් රාජ්‍යය වෙත යොමු කිරීමට පියවර ගත් බවයි.

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

දේශපාලන පුවත් දේශීය පුවත්

රිසාඩ් බදියුදීන් අල්ලස් කොමිසම හමුවට.

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද දෙසැම්බර් (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ
දේශීය පුවත්

ප්‍රවීණ ගේය පද රචක, චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි.

රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට එතුමන් 71