දේශීය පුවත්

සෑම බසයකම සවි කරන්න සැරසෙන උපකරණය.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ ධාවනය වන සියලුම පෞද්ගලික බස් රථ සඳහා ජීපීඑස් (GPS) උපකරණ සවිකිරීමට සහ ඒකාබද්ධ කළමනාකරණ තොරතුරු පද්ධතියක් (MIS) ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.

මෙම නව ව්‍යාපෘතියේ අරමුණ සහ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති, විශ්‍රාමික කොමදෝරු ගාමිණි ජයසිංහ මහතා අදහස් දක්වා සිටියේය.

බස් රථ නියමිත කාලසටහනට අනුව ධාවනය කරන්නේද යන්න පරීක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

බස් රථයක් අධික ලෙස සෙමින් ධාවනය කළහොත් හෝ නැවතුම්පොළවල වැඩි වේලාවක් රඳවා තැබුවහොත්, ඒ පිළිබඳ පණිවුඩයක් ස්වයංක්‍රීයව පද්ධතිය වෙත ලැබෙනු ඇත.බස් නැවතුම්පොළ වෙත නියමිත වේලාවට පැමිණීම සහ පිටවීම මෙමගින් සජීවීව නිරීක්ෂණය කළ හැකිය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලබන අගෝස්තු මාසය වන විට සියලුම බස් රථ සඳහා මෙම උපකරණ සවිකර අවසන් කිරීමට පියවර ගන්නා බවයි. මීට අමතරව, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් සම්බන්ධයෙන් නීතිය දැඩි කිරීමටද පියවර ගෙන ඇත.

මෙම වසර අවසන් වීමට පෙර මගීන්ට තවත් සුවිශේෂී පහසුකමක් හඳුන්වා දීමට නියමිතය.

මෙම නව ක්‍රමවේදය හරහා මගීන්ට සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමටත්, පොදු ප්‍රවාහනය වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමටත් අපේක්ෂා කෙරේ.

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

දේශපාලන පුවත් දේශීය පුවත්

රිසාඩ් බදියුදීන් අල්ලස් කොමිසම හමුවට.

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද දෙසැම්බර් (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ
දේශීය පුවත්

ප්‍රවීණ ගේය පද රචක, චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි.

රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට එතුමන් 71