BREAKING NEWS : 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු පාඩම ගැන ගත් තීරණය.
6 ශ්‍රේණිය සඳහා නිකුත් කරන ලද ඉංග්‍රීසි ඉගෙනුම් මොඩියුලයේ (English Module) අඩංගු වූ නුසුදුසු වෙබ් අඩවියක් සහිත පාඩම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, අදාළ දෝෂ සහිත පාඩම ඉවත් කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යයන උපදේශක මණ්ඩලය විසින් ඊයේ (06) දින නිල වශයෙන් අනුමැතිය ලබා දී ඇති බවයි.
අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.
6 ශ්‍රේණියේ දරුවන් සඳහා ලබා දී ඇති අතිරේක ඉගෙනුම් ද්‍රව්‍යයක නුසුදුසු වෙබ් අඩවි සබැඳියක් (Link) ඇතුළත් වීම පිළිබඳව පසුගිය දින කිහිපය පුරා සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණි.
අදාළ මොඩියුලයේ පැනනැගී ඇති මෙම බරපතල ගැටලුව පිළිබඳව අවධානය යොමු කර ඇති අතර, මෙවැනි අතපසුවීම් ඉදිරියේදී සිදු නොවීමට වගබලා ගන්නා බවද රජය අවධාරණය කරයි. ඒ අනුව අදාළ කොටස ඉවත් කර සංශෝධිත තොරතුරු සිසුන්ට ලබා දීමට නියමිතය.





