රන්ජන් රාමනායකගෙන් රජයට පැසසුම්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා රජය ගත් පියවරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රන්ජන් රාමනායක මහතා ප්‍රසාදය පළ කරනවා.
ලෝකයේ කිසිදු රටක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වසර 5කින් පසු විශ්‍රාම වැටුපක් හිමි නොවන බවයි හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාවට වුණු පොරොන්දු ඉටු කිරීමක් බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කළේ.





