මහනායක හිමිවරුන්ගේ ඉල්ලීමට රජය එකඟ වෙයි! වෙසක් පොහොය දිනයේ වෙනසක්!.
මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් දැනුවත් කර තිබේ.
අමාත්‍යවරයා සඳහන් කළේ, ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම සහ පොහොය කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.
ඉදිරියට, මැයි 01 වැනිදා විසා නැකත නොයෙදීම නිසා එම දිනය වෙසක් පොහොය ලෙස යොදා ගැනීම සුදුසු නොවන බව මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කළහ.
ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොහොය කමිටුව රැස් වී, මැයි 30 වැනිදා රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට එකඟතාව පළකර ඇති බව අමාත්‍යවරයා මාධ්‍යට පැවසීය.





