දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසි වැඩ වර්ජනයකට සැරසෙයි.
ම්රිය ස්ථානාධිපති සේවයේ බඳවාගැනීමේ පටිපාටියට අදාළ ගැටලුවලට බලධාරීන් කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම්, ලබන ජනවාරි 23 වැනිදායින් පසු ඕනෑම අවස්ථාවක දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කරයි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බඳවාගැනීමේ පටිපාටියට අදාළ නිරීක්‍ෂණ සහ නිර්දේශ මීට මාස 04 කට පෙර ලබාදී තිබුණ ද, බලධාරීන් ඒවා මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව එම සංගමය පෙන්වා දෙයි. මෙම ප්‍රමාදය හේතුවෙන් සමස්ත ස්ථානාධිපති සේවයම දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඔවුන් සඳහන් කරයි.
රාජ්‍ය සේවා කොමිසමේ උපදේශයට පටහැණිව, කාන්තා දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමට අදාළ කරුණු ද මෙම පටිපාටියට ඇතුළත් කළ යුතු බව පවසමින් බලධාරීන් නව සංශෝධන යැවීම හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවට දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ වුවහොත් ලබන සතියේ සිට දුම්රිය ධාවන කටයුතු සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වීමේ අවදානමක් පවතී





