රනිල්ගෙන් විමල්ට දුරකථන ඇමතුමක්.
හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් සිදුව තිබේ.
පසුගියදා (14) පස්වරුවේ මෙම ඇමතුම ලබාදී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටි අතරතුරදීය.
කෙටි වේලාවක් පැවැති මෙම දුරකථන සංවාදයේදී පුද්ගලික කරුණු වලට අමතරව, රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවද දෙපල අතර කෙටි අදහස් හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.
පසුගිය කාලසීමාව පුරා දේශපාලනිකව ප්‍රතිවිරුද්ධ මත දැරූ මෙම නායකයන් දෙපල අතර සිදුවූ මෙම සුහද කතාබහ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇත.





