දේශීය පුවත්

බළංගොඩ කස්සප හිමි මාරාන්තික උපවාසයක් අරඹයි.

ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටින වනවාසී බලංගොඩ කස්සප හිමියෝ අද (15) දහවල් ආහාරය වැළඳීම ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාරය මගින් ත්‍රිකුණාමල වරාය පොලිසියට දැනුම් දී තිබෙනවා.

ත්‍රිකුණාමලය කොටුව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාලව අධිකරණය මගින් ඊයේ (14) බන්ධනාගාර ගත කෙරුණු කස්සප හිමියන් අද (15) දින දිවා ආහාරය ප්‍රතික්ෂේප කළ බව බන්ධනාගාරය දුරකතන ඇමතුමක් මගින් දැනුම් දී ඇතැයි ත්‍රිකුණාමල වරාය පොලිසිය පැවසුවා.

මේ අතර කරුණු කිහිපයක් මුල් කරගනිමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි බන්ධනාගාරය තුළ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙන බව උන්වහන්සේගේ සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් තබා තිබුණි.

-උපුටාගැනීම-

*ත්‍රීකුනාමලය මුහුදු කලාපයේ වෙරල සංරක්ෂණ කලාපය තුල ඉදිකර ඇති අනවසර අන්‍යාගමික පල්ලි,කෝවිල් වලටත් නීතිය ක්‍රියාත්මක කිරීම.

*සාම්බල්තිව් කලපුවෙ අනවසර,බලහත්කාරී ,අනීතික අත්පත් කරගැනීම් හා ඉදිකිරීම් වෙනුවෙන් වහා නීතිය ක්‍රියාත්මක කිරීම.

*කන්දල්කාඩු වන රක්ෂිතය,ගෝමරන්කඩවල ,මොරවැව යන මහා වන රක්ෂිත හෙලි පෙහෙලි කර අන්‍යගමිකයන් විසින් ඉඩම් අල්ලාගෙන කරන නීති විරෝධී ජනපද කරනයට එරෙහිව.

*නැගෙනහිර සිංහලයන්ට වෙමින් තිබෙන ඓතිහාසික අසාධාරනයට,නීතිමය ,භාෂාමය,පරිපාලනමය,සංකෘතිකමය,ජනවාර්ගිකමය කොන් කිරීම්වලට එරෙහිව..

*1983 දී නැගෙනහිරෙන් පලවා හැරි සිංහලයන් 97000 ක් දෙනා නැවත නැගෙනහිර බිමේ පදිංචි කරවීමට ආන්ඩුවට බලකිරීම.

*සම්පූර්නයෙන් බහුතර සිංහලයන් වෙසෙන පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශයට දමිල ජාතික ප්‍රාදේශීය ලේඛම් වරයෙක් පත් කිරීමට එරෙහිව..

ඉහත වගන්ති වලට අනුකූලව

බලන්ගොඩ කස්සප හිමියන් ත්‍රීකුනාමලය රිමාන්ඩ් බන්ධනාගාරය තුල මාරාන්තික උපවාසයක් ආරම්භ කරයි.

-උපුටාගැනීම අවසන්-

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

දේශපාලන පුවත් දේශීය පුවත්

රිසාඩ් බදියුදීන් අල්ලස් කොමිසම හමුවට.

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද දෙසැම්බර් (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ
දේශීය පුවත්

ප්‍රවීණ ගේය පද රචක, චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි.

රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට එතුමන් 71