දේශීය පුවත් විශේෂ පුවත්

BREAKING NEWS : අම්බුලුවාවේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප කරයි.

අම්බුළුවාව කන්දේ බෑවුමක් ආශ්‍රිත ස්ථාන කිහිපයක් නායයාමේ අධි අවධානම් කලාපයක් ලෙස සලකා නිවාස 18ක වැසියන් වහාම ඉවත් කරන ලෙසත්, එම ප්‍රදේශ ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතුවලින් තොර නායයාම් අධිසංවේදී කලාපයක් ලෙස සලකා සංරක්ෂණය කළ යුතු බවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබෙනවා.

අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ පිවිසුමෙන් ඇතුළුවී මද දුරක් ගිය පසු පොළවේ තිබුණු පැල්මක් නිරීක්ෂණය කළ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිරීක්ෂණ කණ්ඩායම එම පැල්ම දිගේ පහළට ගොස් එම ප්‍රදේශයේ නිවාස නිරීක්ෂණය කළ එම නිවාස 07ක් අධි අවධානම් කලාපයේ තිබෙන බවත්, නිවාස 06ක් මධ්‍ය අවධානම් කලාපයේ තිබෙන බවත් වාර්තා කර තිබෙනවා.

එසේම අම්බුළුවාව කන්දේ තවත් බෑවුමක පිහිටි පැලුම් කිහිපයක් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිරීක්ෂණය කළ අතර ඒ අනුව අම්බුළුවාව වත්තේකඩේ ප්‍රදේශයේ නිවාස සහ ගොඩනැගිලි 11ක් අධි අවධානම් කලාපයක පිහිටා ඇති බවත්, නිවාස 12ක් මධ්‍ය අවධානම් කලාපයක පිහිටා ඇති බවත් වාර්තා කර තිබුණා.ඒ අනුව ඉහත අධි අවධානම් ප්‍රදේශවල භූමි ප්‍රදේශ ඉදිකිරීම් හා සංවර්ධන කටයුතුවලින් තොර කර නායයෑමේ අධි සංවේදී කලාපයක් ලෙස සලකා සංරක්ෂණය කළ යුතුවනවා.මධ්‍ය අවධානම් ප්‍රදේශවල ජීවත්වන වැසියන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළ පසු හෝ වර්ෂාපතනය නිශ්චිත දක්වන ප්‍රමාණයට වැඩිනම් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

දේශපාලන පුවත් දේශීය පුවත්

රිසාඩ් බදියුදීන් අල්ලස් කොමිසම හමුවට.

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද දෙසැම්බර් (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ
දේශීය පුවත්

ප්‍රවීණ ගේය පද රචක, චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි.

රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට එතුමන් 71