දේශීය පුවත්

ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (10) අලුයම 4 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එය වයඹ දෙසට ගමන් කර අද අලුයම 5:30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී, ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බවත් උතුරු පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් සඳහන් කරයි.

කුරුණෑගල, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

උතුරු පළාතේ විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින්විට හමන පැ.කි.මී. 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකිය. 

වයඹ පළාතෙත් මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තද සුළං අපේක්ෂා කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

දේශපාලන පුවත් දේශීය පුවත්

රිසාඩ් බදියුදීන් අල්ලස් කොමිසම හමුවට.

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද දෙසැම්බර් (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ
දේශීය පුවත්

ප්‍රවීණ ගේය පද රචක, චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි.

රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට එතුමන් 71