දේශීය පුවත්

ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න. කාලගුණයෙන් රතු නිවේදනයක්.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අද (08) උදෑසන 10.30 නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු වනවා.

ඒ අනුව ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම පද්ධතිය නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (09) සවස 5.30ත් රාත්‍රී 11.30ත් අතර කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරයට ඇතුළුවීමට බොහෝදුරට හැකියාව ඇති බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති රතු නිවේදනය අනුව, නැගෙනහිර පළාතේ අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි මෙන්ම ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියාව තිබෙන බව සඳහන් කර තිබෙනවා.

මුලතිව්, වව්නියාව, කිලිනොච්චි, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලයට විටින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී 100- 150ක පමණ තද වැසි ඇති විය හැකියි.

මේ අතර යාපනය, මන්නාරම මෙන්ම ඌව පළාතේ මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට සහ මධ්‍යම පළාතේ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලට  විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි හෝ ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති වනවා.

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

දේශපාලන පුවත් දේශීය පුවත්

රිසාඩ් බදියුදීන් අල්ලස් කොමිසම හමුවට.

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද දෙසැම්බර් (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ
දේශීය පුවත්

ප්‍රවීණ ගේය පද රචක, චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි.

රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට එතුමන් 71