ඇල්ල Odessey අද සිට යළිත් ධාවනයට.
ඇල්ල Odessey සංචාරක දුම්රිය අද (07) සිට සෑම බදාදා දිනයකම අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි දුම්රිය සේවය පවසන්නේ.
එමෙන්ම පුලතිසි නගරාන්තර දුම්රිය එළැඹෙන 09 වනදා සිට සෑම සිකුරාදා දිනයකම කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා සහ සෑම ඉරිදා දිනකම මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
ලැබෙන මගී ඉල්ලුම අනුව ධාවන වාර සංඛ්‍යාව ඉදිරියේදී වැඩි කිරීමට ද සැලසුම් කර ඇති බවයි දුම්රිය සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ.






