විශේෂ පුවත්

මදුරෝ දැඩි රැකවල් මැද නිව්යෝර්ක් අධිකරණයට.

නිව්යෝක් නුවර බෘෘක්ලින්හි මෙට්‍රපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අද (05) නිව්යෝක් නුවර මැන්හැට්න්හි ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මදුරෝ රඳවා සිටින මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරිපිට අමෙරිකාව, වෙනිසියුලාවට මැදිහත්වීමට විරෝධය පළකිරීමේ උද්ඝෝෂණයක්ද ක්‍රියාත්මක වුණා.

මදුරෝට එල්ලවන චෝදනාවලට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය කල්ලි වන සිනලෝවා සහ ට්‍රෙන් – ඩි – අරගුවා වෙත සහාය දැක්වීම ඇතුළත් වනවා.

ඔහු අමෙරිකාවට කොකේන් මත්ද්‍රව්‍ය එවීමේ මගපෙන්වන්නකු බවත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආරක්ෂිතව සිදුකිරීම සඳහා වෙනිසියුලානු හමුදාව පවා යොදාගෙන ඇති බවත් අමෙරිකාව නගන චෝදනාවක්.

මදුරෝට එරෙහිව මෙම චෝදනා අමෙරිකාව මුලින්ම ගොනු කළේ 2020 වසරේදී.

ඔහුට හා ඔහුගේ බිරිඳ සීලියා ෆ්ලෝරේස්ද ඇතුළත් කර යාවත්කාලීන කළ නව අධිචෝදනා පත්‍රයක් ජනපති ට්‍රම්ප්ගේ අධිකරණ දෙපාර්තමේන්තුව සකස්කර තිබෙනවා.

වෙනිසියුලාව තුළ විරුද්ධ මතධාරීන් පැහැරගැනීම් සහ ඝාතන සම්බන්ධයෙන් මදුරෝගේ බිරිඳටත් චෝදනා ගොනුකර ඇත.

මදුරෝ පාලනය වෙනිසියුලාවේ නීත්‍යනුකූල රජය විදියට අමෙරිකාව 2024 වසරේ සිටම පිළිගත්තේ නැහැ.

මත්ද්‍රව්‍ය කල්ලිවලට සහාය වූ බවට අමෙරිකාව එල්ලකරන චෝදනා නිකලස් මදුරෝ දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා.

පසුගිය සෙනසුරාදා අමෙරිකානු වේලාවෙන් 4.21ට ජනපති ට්‍රම්ප් තමන්ගේ ටෘත් සෝෂල් සමාජ මාධ්‍යයේ සටහනක් පළකරමින් මදුරෝ සහ බිරිඳ අත්අඩංගුවටගත් පුවත ලෝකයට හෙළි කරනු ලැබුවා.

එය පුදුම සහගත ක්‍රියාමාර්ගයක් වුවත් ඒ සඳහා අමෙරිකාව මාස ගණනක් පුරා සූදානම් වූ බව අනාවරණය වනවා.

මෙහෙයුම සිදුකළ අමෙරිකානු හමුදාවේ ප්‍රධානතම ත්‍රස්ත මර්දන ඒකකය වන ‘ඩෙල්ටා ෆෝස්’ පෙරහුරුවක් සඳහා මදුරෝගේ ආරක්ෂිත නිවහනේ ආකෘතියක්ද නිර්මාණය කර තිබෙනවා.

ඒ අතරේ CIA සංවිධානයේ කුඩා කණ්ඩායම් පසුගිය අගෝස්තු මාසයේ සිටම මදුරෝගේ හැසිරීම් රටාව සහ ඔහු යන එන තැන් පිළිබඳ ඔත්තු බලා තිබෙන අතර ඔහුගේ ගමන් බිමන් ඒ මොහොතේම දැනගත හැකි ඔත්තුකරුවන්ද යොදවා තිබු බව සඳහන් වනවා.

මෙහෙයුම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයේ සමීපතමයන් නිරන්තරයෙන් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

රාජ්‍ය ලේකම් රූබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් එම කණ්ඩායමට අයත්.

අවසානයේ මෙහෙයුම සඳහා මීට දින 04කට පෙර ජනපති ට්‍රම්ප් අවසර ලබාදුන්නත් මෙහෙයුමට සහාය වන වළාකුළු අඩු කාලගුණ තත්ත්වයක් ඇතිවනතුරු ආරක්ෂක හමුදා පසුගිය සිකුරාදා වනතුරු බලා සිට තිබෙනවා.

සිකුරාදා රාත්‍රී 10.46ට ජනපති ට්‍රම්ප්ගේ අවසන් නියෝගයත් සමග ක්‍රියාත්මක වූ අමෙරිකානු හමුදා වෙනිසියුලාවට බෝම්බ ප්‍රහාර එල්ල කරද්දී, ජනපති ට්‍රම්ප් මා – අ – ලාගෝ නිකේතනයේ සිට සිය සමීපතමයන් සමග එය සජීවීව නැරඹූ බව වාර්තා වනවා.

ඒවනවිටත් වෙනිසියුලාවට ඔබ්බෙන් කැරිබියානු මුහුදේ ගොඩනගා තිබූ අමෙරිකානු නාවික බලය මෙහෙයුමට ප්‍රධාන වශයෙන් යොදාගෙන තිබෙනවා.

එහි ගුවන් යානා, ප්‍රහාරක නෞකාවක් ඇතුළු යුද නෞකා 11ක් F – 35 ප්‍රහාරක යානා සහ 15,000කට අධික හමුදා භටයින් රඳවා සිට ඇත.

එහෙත් බටහිර අර්ධගෝලයේ ස්ථාන 20කින් නික්මුණු ගුවන්යානා 150කට වැඩි සංඛ්‍යාවක් මෙහෙයුම සඳහා එක්වූ බව ට්‍රම්ප් පරිපාලනය සඳහන් කළා.

ඊට F – 35, F – 22 ප්‍රහාරක ජෙට් යානා වගේම B – 1 බෝම්බ ප්‍රහාරක යානාද ඇතුළත් වනවා.

කරාකස් නුවර සහ අනෙකුත් ප්‍රදේශවල පිහිටි වෙනිසියුලානු හමුදා මර්මස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කරද්දි අමෙරිකානු හමුදාවේ ඩෙල්ටා බලකාය මදුරෝ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට එක්වී තිබෙනවා.

සෙනසුරාදා අලුයම 10ට පමණ කරාකස් නුවර මදුරෝගේ දැඩි රැකවල් සහිත මදුරෝගේ නිවහනට හෙලිකොප්ටර් මාර්ගයෙන් ගොඩබට ඩෙල්ටා භටයින් එහි වානේ දොරවල් බිඳ ඊට ඇතුළු වී ඇත.

සිය මැදුරේ ආරක්ෂිත කාමරයකට ඇතුළු වීමට මදුරෝ උත්සාහ කළත් ඔහුව එහි දොර වසා ගැනීමට නොැකිවීම නිසා අමෙරිකානු හමුදා වෙත යටත්වූ බව අනාවරණය වී තිබෙනවා.

මදුරෝ සහ බිරිඳ හෙලිකොප්ටර් මගින් අමෙරිකානු යුද නෞකාවක් වෙත රැගෙනවිත් පසුව ගුවන් මගින් නිව්යෝර්ක් වෙත රැගෙන එනු ලැබුවා.

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

අධ්‍යාපනික පුවත් දේශීය පුවත් විශේෂ පුවත්

BREAKING NEWS : 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු පාඩම ගැන ගත් තීරණය.

6 ශ්‍රේණිය සඳහා නිකුත් කරන ලද ඉංග්‍රීසි ඉගෙනුම් මොඩියුලයේ (English Module) අඩංගු වූ නුසුදුසු වෙබ් අඩවියක් සහිත පාඩම වහාම ක්‍රියාත්මක
දේශීය පුවත් විශේෂ පුවත් ව්‍යාපාරික පුවත්

BREAKING NEWS : කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇනහිටී.

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (07) උදෑසන 9.53ට අත්හිටුවා තිබෙනවා. අද දින පළමු වරට කොටස් වෙළෙඳපොළ ද්වීයිතීක ගනුදෙනු ආරම්භ