විදේශීය පුවත්

කොලොම්බියාවට සහ මෙක්සිකෝවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජනපදයට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පැමිණීම අවම නොකළහොත් කොලොම්බියාව සහ මෙක්සිකෝව හමුදා ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවන බව අනතුරු අඟවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් කොලොම්බියාවේ තත්ත්වය විමසා සිටියදී, ඔහු කොලොම්බියානු ජනාධිපතිවරයා දැඩිව විවේචනය කළා. එහිදී, කොකේන් නිෂ්පාදනය කර එක්සත් ජනපදයට විකුණන රෝගී මිනිසෙක් කොලොම්බියාව පාලනය කරන බව ඔහු ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඔහුට එම තත්ත්වය වැඩි කාලයක් ඉවසීමට නොහැකි බවයි.

මෙම අවස්ථාවේදී, මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් පිළිබඳවද අදහස් දක්වමින්, ඔහු ප්‍රකාශ කළේ, මෙක්සිකෝව පාලනය කරගැනීමට ජනාධිපතිනියට නොහැකි අතර, එහි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආධිපත්‍ය දරන බවයි.

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

විදේශීය පුවත්

යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්! ගුවන් තොටුපළ කිහිපයක් වසා දමයි!

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් නුවර ගුවන් තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වසා දමා තිබේ. මොස්කව්හි පිහිටි ගුවන් තොටුපළවල් හතරෙන් තුනක්
විදේශීය පුවත්

ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ඇතුළු ඊසානදිග ප්‍රදේශ කිහිපයක අද (05) අලුයම රික්ටර් මාපකයේ 5.1 ක ප්‍රබලතාවයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා. ඉන්දීය