දේශීය පුවත්

බළංගොඩ කස්සප හිමි මාරාන්තික උපවාසයක් අරඹයි.

  • January 15, 2026
  • 0 Comments

ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටින වනවාසී බලංගොඩ කස්සප හිමියෝ අද (15) දහවල් ආහාරය වැළඳීම ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාරය මගින් ත්‍රිකුණාමල වරාය පොලිසියට දැනුම් දී තිබෙනවා. ත්‍රිකුණාමලය කොටුව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාලව අධිකරණය මගින් ඊයේ (14) බන්ධනාගාර ගත කෙරුණු කස්සප හිමියන් අද (15) දින දිවා ආහාරය ප්‍රතික්ෂේප කළ බව […]

දේශීය පුවත්

හෙට ඉඳන් කිරි තේ එකක මිලත් පහළට.

  • January 15, 2026
  • 0 Comments

වෙළඳපොල තුළ කිරිපිටි මිල පහත දැමීමත් සමඟ හෙට (16) දිනයේ සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ සභාපතිවරයා විසින් අද (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර සිටියා. ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල හෙට (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි […]

දේශපාලන පුවත් දේශීය පුවත්

කොළඹ නගර සභාවේ මුදල් කමිටුවේ බලය මාලිමාවට අහිමි වෙයි.

  • January 15, 2026
  • 0 Comments

කොළඹ මහ නගර සභාවේ බලය හිමි ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයන් සියලු දෙනා පරාජයට පත් කරමින්, මුදල් කමිටුවේ සාමාජිකයන් පත් කර ගැනීමේ ඡන්දයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සමත්ව තිබේ. ඊයේ (14) පැවැති කොළඹ මහ නගර සභාවේ ස්ථාවර කාරක සභා පත් කර ගැනීමේ සැසිවාරයේදී මෙම තීරණාත්මක ඡන්ද විමසීම සිදු විය. […]

දේශීය පුවත් විශේෂ පුවත්

BREAKING NEWS : අම්බුලුවාවේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප කරයි.

  • January 15, 2026
  • 0 Comments

අම්බුළුවාව කන්දේ බෑවුමක් ආශ්‍රිත ස්ථාන කිහිපයක් නායයාමේ අධි අවධානම් කලාපයක් ලෙස සලකා නිවාස 18ක වැසියන් වහාම ඉවත් කරන ලෙසත්, එම ප්‍රදේශ ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතුවලින් තොර නායයාම් අධිසංවේදී කලාපයක් ලෙස සලකා සංරක්ෂණය කළ යුතු බවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබෙනවා. අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ පිවිසුමෙන් ඇතුළුවී මද දුරක් ගිය පසු පොළවේ තිබුණු පැල්මක් නිරීක්ෂණය […]

දේශීය පුවත් විදේශීය පුවත්

බ්‍රිතාන්‍යයම කම්පා කළ ශ්‍රී ලාංකික තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සැමියා වරද පිළිගනී.

  • January 15, 2026
  • 0 Comments

බ්‍රිතාන්‍යයේ වේල්ස් හි කාඩිෆ් නුවරදී පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලාංකික කාන්තාවක වූ නිරෝධා නිවුන්හැල්ල ඝාතනය කිරීමේ චෝදනාවට ඇයගේ සැමියා වන තිසර වේරගල (37) වරද පිළිගෙන තිබේ. නිව්පෝට් ක්‍රවුන් අධිකරණයේදී (Newport Crown Court) පසුගිය සඳුදා පැවති නඩු විභාගය අතරතුර ඔහු මෙම පාපොච්චාරණය සිදු කර ඇත. මීට පෙර අවස්ථාවලදී තියුණු ආයුධයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරද […]

දේශීය පුවත් විදේශීය පුවත් විශේෂ පුවත්

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්.

  • January 15, 2026
  • 0 Comments

මැදපෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාවය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් නිකුත් කර තිබේ. මාධ්‍ය සහ ඇතැම් කණ්ඩායම් විසින් පතුරුවන වැරදි තොරතුරු හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින පිරිස් ආරක්ෂාව පිළිබඳව අනිසි බියක් ඇතිකරගත් යුතු නැති බවද ඊශ්‍රායල හමුදාව පවතින ඕනෑම තත්ත්වයක් පාලනය කිරීමට කටයුතු කරනු ඇති බවද ශ්‍රී ලංකා […]

විදේශීය පුවත්

රටවල් 75ක පුද්ගලයින්ට වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට ඇමෙරිකාවෙන් තීරණයක්.

  • January 15, 2026
  • 0 Comments

රටවල් 75ක පුද්ගලයින් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීමට අමෙරිකාව තීරණය කර තිබේ.අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ, අමෙරිකාවේ නව සංක්‍රමණික නීතිවලට අනුව මෙම තීරණය ගෙන ඇති බවය.බ්‍රසිලය, ඉරානය, රුසියාව, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, තායිලන්තය, යේමනය ඇතුළු රටවල් 75ක පුරවැසියන් සඳහා මෙම තහනම පැනවීමට තීරණය කර ඇති අතර සම්පූර්ණ රටවල් පිළිබඳ තොරතුරු මෙතෙක් ප්‍රකාශයට […]

දේශීය පුවත්

ලොවපුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන තෛපොංගල් දිනය අදයි.

  • January 15, 2026
  • 0 Comments

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබෙනවා. ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සැමරීම සිදු කරනු ලබනවා.සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේ විශේෂත්වයයි.හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදු වන අතර, කෘෂිකර්මාන්තයට දායකත්වය ලබා දෙන සතුන්ට ගෞරව […]

අධ්‍යාපනික පුවත් දේශීය පුවත් විශේෂ පුවත්

BREAKING NEWS : 2026 වසරේ පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම ගැන විශේෂ නිවේදනයක්.

  • January 14, 2026
  • 0 Comments

ජනවාරි මස 21 දින සිට ආරම්භ වන පාසල් අධ්‍යාපන කටයුතු සිදු වන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.  ඒ අනුව පළමුවන ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාල විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු  එම මස 29 වැනිදා ආරම්භ කරනු ඇත. අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය නිකුත් කර ඇති එම සම්පූර්ණ කරුණු පහතින්

දේශීය පුවත් විශේෂ පුවත්

විදුලි ගාස්තුව ගැන තීරණය.

  • January 14, 2026
  • 0 Comments

2026 වසරේ මුල් මාස තුන (ජනවාරි – මාර්තු) සඳහා කිසිදු විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.එම නිවේදනයෙහි සඳහන් වන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිසි වේලාවට විධිමත් යෝජනාවක් ඉදිරිපත් නොකිරීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇති බවයි. මෙම වසරේ පළමු කාර්තුව සඳහා යෝජනාව පසුගිය නොවැම්බර් […]