ඉරාන යුද්ධයේ නිමාව ගැන ඇසෙන සැනසිලිදායක පුවත.
ඉරානයට එරෙහි යුද්ධයේදී අමෙරිකාව අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඉතා සමීප වී ඇති බවත්, ඒ අනුව හමුදා මෙහෙයුම් අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ ඉරානයේ මිසයිල හැකියාව සහ යුධ උපකරණ නිපදවන කඳවුරු විනාශ කිරීම ඇතුළු ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකි වූ බවයි.
මෙම ප්‍රහාර හරහා ඉරානයේ යුධ ශක්තිය බිඳ හෙලූ බැවින් ඔවුන් මින් ඉදිරියට න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ නොකරනු ඇති බව ට්‍රම්ප් විශ්වාසය පළ කරයි.
එමෙන්ම ඊශ්‍රායලය, සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග මිත්‍ර රටවල් ඉරාන තර්ජනවලින් සුරක්ෂිත කිරීමට අමෙරිකාව පියවර ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





