විදේශීය පුවත්

ඉන්ධන නැව නිසා තවත් අර්බුදයක්! රුසියාවෙන් ඇමෙරිකාවට විරෝධය!

රුසියානු ධජය යටතේ යාත්‍රා කළ මරිනෙරා නම් ඉන්ධන ප්‍රවාහන නෞකාව උතුරු අත්ලාන්තික් මුහුදේදී ඇමෙරිකානු හමුදා සිය භාරයට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සති ගණනක් නැව පසුපස ලුහුබැඳ යමින් අවසානයේ උතුරු අත්ලාන්තික් මුහුදේදී ඇමරිකානු හමුදා නැවට ගොඩවී ඇතැයි විදෙස් මාධ්‍ය පැවසුවේය.

නෞකාව ඇමරිකානු හමුදා භාරයට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට බලධාරීන් ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාව ඉන්ධන ප්‍රවාහනය වළකාලමින් සම්බාධක පනවා තිබූ බෙලා 1 නම් ඉන්ධන ප්‍රවාහන නෞකාව මෙලෙස මරිනෙරා ලෙස නම වෙනස් කරගෙන යාත්‍රාකර ඇතිි බවයි.

එසේම නෞකාව වෙනිසියුලාවට සම්බන්ධකම් තිබෙන බවද ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කළේය.

නෞකාව ඇමෙරිකානු හමුදා සිය භාරයට ගැනීම සම්බන්ධයෙන් රුසියාව දැඩිව විරෝධයට පළ කර ඇති අතර ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව සමුද්‍රිය නීතිය උල්ලංඝනය කර ඇති බවයි.

admin

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

විදේශීය පුවත්

යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්! ගුවන් තොටුපළ කිහිපයක් වසා දමයි!

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් නුවර ගුවන් තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වසා දමා තිබේ. මොස්කව්හි පිහිටි ගුවන් තොටුපළවල් හතරෙන් තුනක්
විදේශීය පුවත්

ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ඇතුළු ඊසානදිග ප්‍රදේශ කිහිපයක අද (05) අලුයම රික්ටර් මාපකයේ 5.1 ක ප්‍රබලතාවයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා. ඉන්දීය